ගරු අමාත්‍යතුමා

ගරු අමාත්‍යතුමාගේ පණිවුඩය

සියවස් දෙකකටත් වඩා ඓතිහාසිකවූත් ශ්‍රි ලාංකීය ජනසමාජයේ සැමට දොරින් දොරට ගොස් අනභිබවනීය සේවා සමූහයක් සැපයූ ශ්‍රි ලංකා තැපෑල මෙරට සන්නිවේදන ඉතිහාසයේ ආරම්භය ලෙස සැලකේ. ශ්‍රි ලංකා තැපෑල, මෙරට පමණක් නොව දේශ දේශාන්තරව විශ්ව ගම්මානයේ තවත් එක් කවුළුවක් ලෙසින් දේශීය මෙන්ම ජාත්‍යන්තරව අග්‍රගන්‍යයේ සේවා සපයනු ලබන ආයතනයක් ලෙස හුවාදැක්වීම වඩාත් අර්ථාන්විතවේ.

යටත් විජිත සමයටත් ඈත අතීතයේදී හඳුන්වාදී ඇති දේශීය තැපෑල රාජ්‍ය පරිපාලනයේ මුල්ම හවුල්කරුවා ලෙස අතීත තොරතුරු මැනවින් සනාථ කරනු ලබන අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහ එහි ප්‍රඥප්තීන් සමග අත්වැල් බැඳගනිමින් ලොව පුරා රාජ්‍යයන් දෙසියයකට ආසන්නව සහ සම්බන්ධතාවයන් පවත්වාගනිමින් කටයුතු කරනු ලබයි. දේශීය හා අන්තර්ජාතිකව ලොව පුරා සන්නිවේදනයේ ප්‍රමුඛයා ලෙස ශ්‍රි ලංකා තැපෑල අනාගතයට සරිලන පරිදි තොරතුරු තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමග නවින තාක්ෂණය සමග අත්වැල් බැදගනිමින් කටයුතු කිරීම අන්තර්ජාතිකව ශ්‍රි ලංකා මාතාව ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස මම දකිමි.

මෑත ඉතිහාසයේ ශ්‍රි ලංකාවේ සිදුවූ මහා ප්‍රජාතාන්ත්‍රික පෙරලිය තුල, විවිධ ආගම් අදහනු ලබන විවිධ ජාතින් සාමුහිකත්වයෙන් ජීවත්වන ලෝකයේ එකම රට ශ්‍රි ලංකාව ලෙස සමස්ථ ලෝකයාට පසක් කර දෙමින් යහපාලනය සහ සංහිඳියාවේ ජයග්‍රාහී මාවතට ශ්‍රි ලංකාව ඒකරාශී කරමින් තැපැල් සේවාවන්ට අමතරව ඉස්ලාමීය ආගමික කටයුතු නියාමනය කිරීමේ වගකීමද එකතුකරමින් තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය නිර්මාණය කරනු ලැබ ඇත.

විවිධත්වය අගයනු ලබන සෑම පුරවැසියෙකුටම ස්වකීය අනන්‍යයතාවය රැකගනිමින් සේවා සැපයීම සහ සේවා ලැබීමට නිසි හිමිකම ලබාදෙමින් තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසින් තත් අමාත්‍ය‍ාංශයේ අන්තර්ජාල වෙබ් අඩවිය වෙතට මෙම සුභපැතුම් පණිවුඩය එකතුකරනු ලබන්නේ ඉමහත් සතුටිනි.

එම්.එච්.ඒ.හලීම්
තැපැල්,තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය